ග්‍රාමීය ව්‍යවසායකයන් පෝෂණය කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත සී.සී.සී. සොලූෂන්ස් (CCCS) සහ සිටි බැංකුව (CITI) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන 'ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන' පවත්වන පළමු වැනි ව්‍යවසායකත්ව පුහුණුව පසුගිය 29 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.
ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් හඳුන්වා දීමක් සහ ස්ථීර ව්‍යාපාර අදහස් උපදවා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම පුහුණුවේදී සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ තීරයේ පිහිටි උඩප්පුව නමැති ධීවර ගම්මානයේදී එය සංවිධානය කර තිබුණි. ලෝක කම්කරු සංවිධානයේ බලය පවරා දී ඇති 'ඔබගේ ව්‍යාපාරය ඇරඹීම හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන' (SIYB) විසින් සංවර්ධනය කරනු ලැබූ පදනම් ඒකකවලට අනුකූලව මෙම පුහුණුව පැවැත්වී තිබුණි. එහිදී, ස්ථීර ව්‍යාපාර අදහස් උපදවා ගන්නා අයට පුහුණුව ලබාදී, මූල්‍යාධාර ලබාගැනීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ හැකි ආකාරයේ සරල ව්‍යාපාර සැලසුමක් සංවර්ධනය කර ගැනීම සඳහා සහාය ලබා දීමට අපේක්ෂිත ය. සාධනීය ව්‍යාපාර අදහස් සහ ව්‍යාපාර සැලසුම් තිබෙන ව්‍යවසායකයන්ට ක්ෂුද්රමූල්ය පහසුකම් සැපයීම සඳහා CCCS සහ CITI බැංකුව සමග අනුබද්ධ වීමට NDB සහ HNB යන බැංකු එකඟත්වය පළ කර තිබුණි.