මෑතකදී ඇති වූ ගංවතුර හා අයහපත් කාලගුණික තත්ත්වය සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීමට හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූලව සහන ලබාදීමට සියලු බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ.
ඒ අනුව, ගනුදෙනුකරුවන් වෙත 2017 මැයි 25 වැනි දින තෙක් පැවති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 3කට නොවැඩි සහන කාලයක් ලබාදීම.
එම කාලයට අදාළ දඩ පොලී කපා හැරීම ආදිය හිමිවනු ඇති බවත්, මේ සඳහා තමාගේ ළඟම ඇති බැංකු ශාඛාවෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටියි.