ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා අතර අද (13දා) පස්වරුවේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
තවද, නේපාලය හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු පුළුල් කර ගැනීමත් දෙරට සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කර ගැනිම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.