සියලු ආනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා කොළඹ වරායේ නව තාක්ෂණයෙන් යුතු ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට යෝජිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මීට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරු ඊයේ (21දා) පෙරවරුවේ කොළඹ වරාය සහ ඒ ආශ්රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ගුවන් චාරිකවක නිරත වූහ.
මෙම ස්කෑන් යන්ත්‍රය සවි කිරීම සඳහා සුදුසු ස්ථාන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එය තවදුරටත් නිරීක්ෂණය කිරීම මෙහිදී සිදු වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.