කොළඹ දෙවැනි ආයෝජක වැඩමුළුවට ඉහළ ප්‍රතිචාර
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සමග එක්ව ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී නාලිකාවේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන 'කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට' සම්මන්ත්රණ මාලාවේ 6 වැනි සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 වැනි දින කොළඹ ගාලු මුවදොර රමාඩා හෝටලයේදී සාර්ථකව පවත්වා තිබේ.
මෙය කොළඹදී පැවති දෙවැනි ආයෝජක සම්මන්ත්‍රණය විය. මීට පෙර පැවති ආයෝජක සම්මන්ත්රණ සඳහා මෙන්ම පුළුල් ආයෝජක සහභාගීත්වයක් මෙම සම්මන්ත්‍රණය සඳහාද පැවති බවත්, 350කට අධික සහභාගීකරුවන් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳව දැනුවත් වීමේ අරමුණින් ඒ සඳහා සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර නිමල් කුමාරසිංහ මහතා වැඩසටහන මෙහෙයවීම සිදුකළ අතර ඉන් අනතුරුව %සාර්ව ආර්ථික සමාලෝචනය^ සම්බන්ධයෙන් වූ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වානිජ පීඨයේ මූල්‍ය අංශ ප්‍රධානී මූල්‍ය පිළිබඳ මහාචාර්ය හරේන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින්ද, කොළඹ කොටස් හුවමාරුවේ 'ව්‍යාපාර ක්ෂේත්රයන්හි කාර්යසාධනයන් සහ වෙළෙඳ පොළ ආයෝජන අවස්ථා' සම්බන්ධයෙන් වූ දේශනය කැන්ඩර් ඉක්විටීස් (පෞද්.) සමාගමේ පර්යේෂණ ප්‍රධානී පසිඳු පෙරේරා මහතා විසින්ද සිදුකර තිබේ.
ප්‍රධාන දේශනවලින් අනතුරුව විද්වත් මණ්ඩල සාකච්ඡාව ඇරඹුණු අතර පැමිණ සිටි ආයෝජකයන්ට දේශන තුළින් මතුවූ ප්‍රශ්න සහ ගැටලු සාකච්ඡා කිරීමට ආයෝජකයන්ට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා අධ්යක්ෂ තුෂාර ජයරත්න මහතා විසින් විද්වත් මණ්ඩලය සාකච්ඡාව මෙහෙයවූ අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සහ ප්‍රධාන දේශකයන් දෙපළ විද්වත් මණ්ඩල සාකච්ඡාවට එක්වූ සාමාජිකයන් වූහ.
මෙවැනි මහජන සම්මන්ත්රණ සඳහා පැවති විශාල ජනතා සහභාගීත්වය සහ ඔවුන් වෙතින් ලැබුණු ප්‍රතිචාර මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව 2018 වර්ෂයේදීද මෙම ආයෝජක සම්මන්ත්රණ මාලාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


