කොළඹ ගම්පහ ඇතුළු තදාසන්න නගරවලට බලපෑ ගංවතුර තත්ත්වය ශ්‍රී ලංකාවේ සෙසු පළාත්වල ආර්ථිකය කෙරෙහිද අයහපත් ආකාරයට බලපා ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානය ලෙස සැලකෙන කොළඹින් රටේ සෙසු පළාත් වෙත භාණ්ඩ තොග බෙදාහැරීම බොහෝවිට සිදුවන අතර, මෙම තොග වෙළෙඳ පොළ පසුගිය දින කිහිපයේදීම යම් ප්‍රමාණයකින් අකර්මණ්‍යව පැවතී ඇත.
විශේෂයෙන්ම, කොළඹ ආශ්‍රිතව ජීවත් වන නාට්ටාමි වෘත්තිකයන්ගේ නිවාස බොහෝමයක් ජලයෙන් යටවීම නිසා ඔවුන් සේවයට වාර්තා නොකිරීමත්, ඇතැම් පළාත් මාර්ග ජලයෙන් යටවීම නිසා ප්‍රවාහන දුෂ්කරතා ඇති වීමත්, ගංවතුරට නතු වූ ඇතැම් පළාත්වල භෝග කොළඹට නොපැමිණීමත් නිසා මෙසේ භාණ්ඩ හිඟයක් යම් යම් ප්‍රදේශවල දක්නට ලැබී තිබුණි.
එසේම, මේ ආකාරයෙන් තොග භාණ්ඩ කොළඹින් නොපැමිණීම නිසා අත්‍යශවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම වර්ෂාව නිසා වගාවන්ට හානි පැමිණීමත්, විකල්ප මාර්ග ඔස්සේ භාණ්ඩ තොග ප්‍රවාහනයේදී වැඩි ප්‍රවාහන කුලියක් එකතු කිරීමත් නිසා එළවළු හා පලතුරු මිල ගණන්වල ඉහළ යෑමක්ද වාර්තා වී තිබුණි.