මීගමුවේ පැවති සාර්ථක ආයෝජක සම්මන්ත්‍රණයෙන් පසුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව දෙවැනි ආයෝජක සම්මන්ත්‍රණය 2017 අගෝස්තු 15 වැනි දින හිල්ටන් කලම්බු රෙසිඩන්සිස් හිදී පවත්වන ලද අතර, ඒ සඳහා 250කට අධික ආයෝජක සහභාගීත්වයක් සමග ඉහළ ජන ආකර්ෂණයක් හිමි විය.
කොළඹ කොටස් හුවමාරුවේ සභාපති රේ අබේව්ර්ධන මහතා විසින් ආරම්භක දේශනය සිදුකළ අතර, ඉන් අනතුරුව %සාර්ව ආර්ථික සමාලෝචනය^ සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයේ පළමු වැනි දේශනය බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී හසිත ප්‍රේමරත්න මහතා විසින් සිදුකරන ලදී. හසිත ප්‍රේමරත්න මහතා තම දේශනය තුළින් ගෝලීය වතාවරණය, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල සංවර්ධනය, රජයේ ප්‍රතිපත්ති, යහපාලනය, යුද්ධයෙන් පසු රටේ වාතාවරණය සහ රජයේ විදේශ ප්‍රතිපත්ති යන කාරණා රටේ ආර්ථිකයට සහ කොටස් වෙළෙඳ පොළට බලපාන ආකාරය පැහැදිලි කරන ලදී.
ඔහුගේ දේශනයෙන් අනතුරුව කැන්ඩර් ව්‍යාපාර සමූහයේ අධ්යක්ෂ/කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතා, කොටස් තෝරාගැනීම සඳහා විදේශීය ආයෝජකයන් අනුගමනය කරන තාක්ෂණික ක්‍රමවේදයන් සහ ආයෝජකයන් විසින් තම ආයෝජක තීරණ ගැනීමේදී කොටස් තැරැව්කරුවන්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ මොනවාද යන්න පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින් දෙවැනි දේශනය පවත්වන ලදී. ඊට අමතරව, කොළඹ කොටස් හුවමාරුවේ සිදුකරන ආයෝජයන් තුළ විදේශීය අයෝජකයන්ගේ හැසිරීම පිළිබඳවද සඳහන් කරන ලදී.
පවත්වන ලද විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙයවන ලද්දේ කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳ පොළ සංවර්ධන අංශයේ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා විසිනි. ඒ සඳහා සහභාගී වූ පිරිස අතරට ප්‍රධාන දේශකයන් දෙපළ, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඇතුළත් වූ අතර, එය ඵලදායී සාකච්ඡාවකට මංපෙත් විවර කිරීමක් විය. එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමුවූ කරුණු අතර අලුතින් හඳුන්වා දීමට නියමිත සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සම්මත කිරීම, වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වය සහ වෙළෙඳ පොළ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ගෙන ඇති පියවරයන්ද ඇතුළත් විය.
මෙම සම්මන්ත්රණ මාලාවේ ඊළඟ වැඩසටහන යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරවල පිළිවෙලින් 2017 අගෝස්තු 26, සැප්තැම්බර් 09 සහ සැප්තැම්බර් 30 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය.