කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් එකඟතවක් මත කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ දී විවෘත කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් රැසක් සඳහා ආධාර සහ ණය පහසුකම් ලබාදෙන කොරියානු එක්සිම් බැංකුව ඉදිරියේදී දෙරට අතර ආනයන අපනයන අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම්ව සිටින බවද එහිදී පැවසුණි.