මීරිගම කොට්ටල අත්යන්ත්‍ර පේෂකර්මාන්ත පුහුණු ව්‍යාපෘතිය සහ පේෂකර්ම ගම්මානය විවෘත කිරීම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ ලිය අබිමන් සංවිධානයේ සහාපතිනී නිතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා පකිස්ථානු රජය අනුග්‍රහය දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් කාසිම් කුෂේරි මහතා ඇතුළු පකිස්ථානු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස එක්වී සිටියහ.