කොළඹ කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operations Officer) තනතුර සඳහා රේණුක විජේවර්ධන මහතා 2014 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය සමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙක් ලෙස දිව්රුම්දී තිබෙන ඒ මහතා, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වසර 20කට අධික කාලයක් විවිධ අංශයන් පිළිබඳ පළපුරුද්ද ඇත්තෙකි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉදිරියේදී තැරුව්කාර ආයතනවල ශක්‍යතාව වර්ධනය කරමින් ශක්තිමත් ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ වඩාත් පුළුල් උපායමාර්ගික සැලැස්මකට අවතීර්ණ වීමට නියමිත අතර, මෙම කර්තව්යයනවලට ඒ මහතා තම නව තනතුර තුළ නායකත්වය සැපයීමට නියමිතය.