බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පුරපති ඕල්ඩර්මන් ඇලන් යෙරොව් මහතා අද (18දා) කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සංචාරයක නිරත විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් සහ සුරැකුම්පත් හා ආයෝජනය පිළිබඳ වරලත් ආයතනයෙහි උපදේශන කමිටු සභාපති නිහාල් ෆොන්සේකා, එම ආයතනයෙහි ශ්‍රී ලංකා කළමනාකරු බ්‍රයන් සෙල්වනායගම් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
මෙහිදී, ලන්ඩන් පුරපතිවරයා විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති වජිර කුලතිලක හා ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරු සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා පවත්වන ලදී.