කොටස් වෙළෙඳ පොළේ ගෙවීගිය ජනවාරි මාසය ලාභදායී මාසයක් ලෙස මිල දර්ශක වාර්තා කළේය.
සතිය අවසන් වූ සිකුරාදා දිනයේ (31දා) නැවතත් පිරිවැටුම රු.බිලියනයක කඩඉම පසු කළේය.
ඒ අනුව, ජනවාරි මාසය තුළ ‘සියලු කොටස් මිල දර්ශකය’ හා ‘S&P ශ්‍රී ලංකා 20’ යන මිල දර්ශක පිළිවෙළින් 5.67% ක් හා 5.50% ක් ලෙස ඉහළ ගිය අතර, ජනවාරි මාසය තුළ පිරිවැටුමේ සාමාන්‍ය අගය දිනකට රු.බිලියනය ඉක්මවීම විශේෂත්වයක් ගත්තේය.