පසුගිය සිකුරාදායින් අවසන් වූ සතිය පුරාම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලාභදායී ස්වරූපයක් පෙන්වීය.
ඒ අනුව, පසුගිය සිකුරාදා දිනයේදී සමස්ත මිල දර්ශකය හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයන්හි පිළිවෙළින් 2.03% ක හා 2.06% ක වර්ධනයක් වාර්තා විය.
එදින, විවිධාංගීකරණ අංශය පිරිවැටුම වෙත මූලික දායකත්වය ලබාදුන් අතර, එම අංශයේ වර්ධනය 0.18% ක් ලෙස දැක්විණි.
බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය එදින පිරිවැටුමට දෙවැනි දායකත්වය ලබාදුන් අතර, එම අංශයේ දර්ශකය 0.09% කින් ඉහළ නැංවිණි.