කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වීම පිළිබඳ ව්‍යාපාර ආයතන දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණි.
මෙම හමුවට සහභාගි වූ අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව තම ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවන් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වීම හරහා උපයා ගැනීමට ඉතා ඉහළ උනන්දුවක් පෙන්නුම් කර තිබේ.
අනුරාධපුර හෙරිටේජ් හෝටලයේදී පැවති මෙම හමුව ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ අනුරාධපුර වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ අතර, අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් සාමාජිකයින් 20 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.