කොළඹ කොටස් වෙළෙඳ පොළ අධ්යක්ෂ මණ්ඩලයෙහි නව සභාපති වරයා ලෙස 2014 ජූනි මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වජිර කුලතිලක මහතා වැඩ භාරගැනීමට නියමිතව පවතී.
වජිර කුලතිලක මහතා 2009 ඔක්තෝබර් සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි.
NDB Capital Holdings PLC ආයතනයේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනු ලබන ඔහු, එහි NDB Investment Bank Limited, NDB Securities Private Limited , NDB Wealth Management Limited සහ බංගලාදේශයේ NDB Capital Limited යන ආයතනවලින් සමන්විත NDB සමාගම් සමූහයෙහි ආයෝජන බැංකු අංශයෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණයද සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්රයේ වසර 29ක හසල අත්දැකීම් සපිරි ඔහු මෙරට විශාලතම මූලික කොටස් නිකුතූන් කිහිපයකටම තම කළමනාකරණ සේවාව සපයා තිබේ.
NDB Investment Bank Limited හි සේවයට පෙර CKN Fund Management Private Limited හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසද ඔහු කටයුතු කොට තිබේ.