කොළඹ කොටස් වෙළෙඳ පොළ, එහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සඳහා S&P/CSE ද්විත්ව සන්නාම සහිත ක්ෂේත්‍ර දර්ශකද සහිතව Global Industry Classification Standard (GICS) භාවිතයට ගන්නා බවද නිවේදනය කළේය.
ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබඳ පූර්ණ හා සම්මාන වූ අර්ථකතනයන් වෙනුවෙන් වන ගෝලීය මූල්‍ය ප්‍රජාවගේ අවශ්‍යතාව සපුරනු වස් Standard & Poor’s හා MSCI Barra යන ආයතන එක්ව 1999 හිදී Global Industry Classification Standard (GICS) නිර්මාණය කර තිබේ. ලොව වටා සිටින ආයෝජන හා සම්බන්ධ සියලුම ප්රමුඛ පෙළේ මූල්‍ය වෘත්තීයවේදීන් වන වත්කම් කළමනාකරුවන්, ආයතනික අයෝජකයන්, උපදේශකවරුන් සහ පර්යේෂකයින් සම්මත වර්ගීකරණයක් ලෙස GICS වර්ගීකරණය භාවිත කරනු ලබයි.
මෙම GICS වර්ගීකරණය, විකල්ප සමාගම් වර්ගීකරණයක් ලෙස දැනට පවතින වර්ගීකරණයත් සමග අවුරුදක පමණ නියමු කාලයක් පවත්වාගෙන යෑමට කොළඹ කොටස් වෙළෙඳ පොළ බලාපොරොත්තු වෙයි. මෙම නියමු කාලය, වෙළෙඳ පොළ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව වෙත නව GICS වර්ගීකරණය සමග හුරුවීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් කාලය සලසා දෙනු ඇති බව කියයි. මෙම නියමු කාලය 2015 දෙසැම්බර් මස 02 ඇරඹුණු ලබන අතර, නව සමාගම් වර්ගීකරණය සමග වෙළෙඳ පොළ දත්ත ද, www.cse.lk වෙබ් අඩවිය හරහා පරිශීලණය කළ හැකි බවද කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක මහතා මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, “කොළඹ කොටස් වෙළෙඳ පොළ GICS භාවිත කිරීම, ක්ෂේත්‍ර ආයෝජනය සහ අයෝජනය විවිධාංගීකරණය සඳහා ඉතා වැදගත් පියවරක් වන බවට අපි විශ්වාස කරනවා. ජාත්‍යන්තරව පිළිගත් මේ සම්මත වර්ගීකරණය විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි ක්ෂේත්‍ර විවිධත්වය විශ්ලේෂණය කිරීමට පමණක් නොව දේශීය ආයෝජකයින්ද සැබැවින්ම විවිධාංගීකරණය කිරීමට මහෝපකාරී වනු ඇති* යනුවෙනි.
මේ අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, "GICS භාවිත කිරීමට අප ගත් තීරණය වෙළෙඳ පොළ යටිතල පහසුකම් උසස් කිරීමටත්, ව්‍යාපාර ක්ෂේත්රවල ලක්ෂණ සහ එහි ආකෘතිය තුළ සිදුවන වෙනස්කම් වඩා හොඳින් අවබෝධ කරගැනීමටත් උපකාරි වනු ඇති. ඒ වගේම, ආයෝජකයන්ට වෙළෙඳ ව්‍යාපාරයන්හි ලක්ෂණ සහ වෙනස්කම් වඩා හොඳින් අවබෝධ කිරීම සඳහා උදව් කිරීමත් සිදුකරනු ඇති. පියවරෙන් පියවර සිදුකිරීමට යෝජිත මේ දියත් කිරීම තුළින් වර්තමාන වර්ගීකරණයේ සිට GICS වර්ගීකරණය දක්වා අවතීර්ණ වීම ඉතා සුමටව සිදුවනු ඇතැයි අප විශ්වාස කරනවා" යනුවෙනි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ සමග සාර්ථක ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කරගැනිම පිළිබඳ ආඩම්බර වන බවත්, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධනයට දායකවීමට ඉතා කැමැත්තෙන් සිටන බවත්, S&P Dow Jones Indices හි කළමනාකාර අධ්‍යක්ෂක සහ කොටස් දර්ශක කළමනාකරණ අංශයේ ප්‍රධානී අල්කා බෙනර්ජි මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියාය.