කුසලතාව මත නිලධාරීන් ඇගයීමට ලක්කොට උසස්වීම් ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගැනීමේ සම්ප්රදායක් මේ රටේ ක්‍රියාත්මක නොවන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. එය මේ රටේ ඉදිරි ගමනට තිඛෙන විශාලම බාධාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම බාධාව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයටත්, අනුබද්ධ ආයතනවලටත් කිසිසේත්ම වලංගු නොවන අයුරින් සියලුම ආයතනික ප්‍රධානීන් සහ ඉහළ කළමණාකාරීත්වය ඇගයීමේ වැඩපිළිවෙළක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ක්‍රියාත්මක කෙරුණු බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන 14 හි අධ්යක්ෂ ජෙනරාල්, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරු සහ අංශ ප්‍රධානීන් කළමණාකරණ විධික්රම ආශ්රයෙන් ඇගයීමට ලක්කළ අතර, ඒ අතුරෙන් විශිෂ්ටතම ආයතනික ප්‍රධානියා බවට සුදුසුකම් ලැබූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ලලිත් සෙනෙවීර මහතාය.
අචාර්ය ලලිත් සෙනෙවීර මහතාගේ කැපවීම සහ කුසලතා සම්බන්ධයෙන් ඇගයීමට ලක්කළ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරීයෙක්ම, රාජ්‍ය ආයතනයක්ම සහ සෑම අමාත්‍යාංශයක්ම ඇගයීමට ලක්කළ හැකි විධිමත් යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍ය බවය. එවන් ක්‍රමවේදයක් අමාත්‍යවරුන්ටත් පැවතීම වැරැද්දක් නොවන බව චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය. ඕනෑම දෙයක ආරම්භයේදී විරෝධයක් පැවතීම දැන් රටේ සාමාන්‍ය තත්ත්වයක් බවත්, එයට ප්‍රතිරෝධීව විනිවිද දැකිය හැකි, පිළිගත හැකි කළමණාකරණ සිද්ධාන්තවලට අනුව ඒවා මෙහෙයවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.