කුඩාඔය ජලාශයට ජලය නිකුත් කරනු ලබන්නේ අලිකොටාර ජලාශයෙනි. කුඩාඔය ජලාශයෙන් දකුණු ඉවුර හරහා නි.මී 30 ක ප්‍රධාන ඇළ මාර්ගය හරහා කහකුරුල්ලන්ලැස්ස වැවට හා සිංහලයාගම වැවට ජලය ගෙන යන අතර කුඩාවැව් 70 කට පමණ ජලය මුදාහරිනු ලබයි. මේ මගින් අක්කර 7500 කට පමණ වාරි ජලය ලබා සිය හැකි අතර මේ මගින් සෙත ලබන පවුල් සංඛ්‍යාව 2500 ක් පමණය. මීට අමතරව හදපානාගල හා පුහුල්පොල වැව් ද මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ නිරික්ෂණයට පසුගියදා ලක්විය.
මෙම අවස්ථාවට උමාඔය ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා හා නියෝජ්‍ය අධ්යක්ෂ පුර්ණගෙදර මහතා හා එම ව්‍යාපෘතියේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.