කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර නැංවීමට ඩො.මි.34ක ආධාර
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් ඇ.ඩො.මිලියන 33.7ක මූල්‍යාධාර පිරිනමා තිබේ.
මීට අදාළ මූල්‍ය ගිවිසුම ජූනි මස 26 වැනි දින ශ්‍රී ලංකා රජය හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) අතර අත්සන් තැබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම වැඩසටහන රාජ්‍ය, පෞද්ගලික හා ජනතා සහයෝගීතාව පදනම් කරගනිමින් නිර්මාණය වූවක් වන අතර, සුළු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා අවස්ථා උදාකරලීම හා ග්‍රාමීය ප්‍රදේශ වල ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට උපකාර වන පරිදි කෘෂි නිෂ්පාදන සැකසීම, බෙදාහැරීම හා වෙළදපොල යනාදියෙන් සමන්විතව සුළු ගොවීන් සඳහා කෘෂි ව්‍යාපාර අගයදාම සංවර්ධනය කිරීමට මෙහිදී සැලසුම් කොට ඇති බවද පවසයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් එහි සභාපති ගිල්බට් එෆ්. හොන්බො මහතා විසින් ඉතාලියේ රෝම නගරයේදී මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

