කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් නගර 45ක් සඳහා සැකසුණු නගර සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක පමණ ප්‍රතිශතයක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශ තුළ ජීවත් වන අතර, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේදී මෙම ග්‍රාමීය ප්‍රදේශ වැඩි දායකත්වයක් සපයන බව පැවසෙයි. එම දායකත්වය කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සේවා මධ්‍යස්ථානවලට සැලසුම් සකස් කිරීම අමාත්‍යවරයාගේ මගපෙන්වීම මත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන බව කියයි. එම කාර්යය නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ පැවරී ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතය.
ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකාවේ සැලසුම්ගත නගර හා ග්‍රාම නිර්මාණය කර තිබෙන බවත්, වර්තමානයේදීද එවැනි සැලසුම් සහගත නගර හා ග්‍රාම නිර්මාණය කිරීම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදුකරයි. ඒ අනුව කුඩා නරග සේවා මධ්‍යස්ථාන 45ක් සඳහා සැලසුම් නිර්මාණය කර එවා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නීතිමය භාවයක් ලබාදෙමින් ආයෝජකයින් ඇතුළු සැමගේ නෙත් යොමු කෙරෙන අයුරින් මෙම කුඩා නගර සේවා මධ්‍යස්ථාන සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම මෙදින සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.