මාතර දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීම සඳහා දිවි නැගුම වැඩසටහන මගින් රු.මිලියන 07ක මුදලක් වෙන්කර ඇති බව පැවසෙයි.
දැනටමත් කිරි ගව පාලනයේ නිරත වන පුද්ගලයන් සහ අලුතින් ඒ සඳහා එක්වීමට කැමත්තක් දක්වන පුද්ගලයන් අතරින් 200 දෙනෙකු තෝරාගෙන ඔවුන් පුහුණු කර වසරක් වයසැති කිරි එළදෙනුන් දෙසීයක් බෙදාදීමට මේ යටතේ සිදු කිරීමට නියමිතය.
මෙහිදී අදියර හතක් යටතේ කිරි එළදෙනුන් බෙදා දෙනු ඇත. එහි පළමු අදියර යටතේ රු.ලක්ෂ 10ක වියදමින් කිරි එළදෙනුන් 30 දෙනෙකු බෙදාදීමක්ද පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවලින් ඉහළ ගුණාත්මක අගයකින් යුතු කිරි එළදෙනුන් මේ සඳහා ලබා ගැනෙන අතර, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ වැඩසටහන සංවිධානය කර ඇති බව පැවසෙයි.