කාබනික පොහොර පමණක් භාවිත කරමින් දේශීය වී වලින් අස්වද්දන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල වෙල්යාය අද (5දා) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණය ලක්විය.
පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ පාරම්පරික දේශීය සහලට රට හුරුකරවීමේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ යටතේ මේ වගා කටයුතු සිදු කර ඇති බව පැවසෙයි.
පච්චපෙරුමාල්, සුවඳැල්, කුරුළුතුඩ, මදනවාලු, ගෝනබරු, රන්කහවනු, පොක්කාල, වෙදහීනටි, ඇතුළු දේශීය වී ප්‍රභේදවලින් අක්කර 65ක පමණ භූමි ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ අස්වද්දා ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.