මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානය විවෘත කිරීම පසුගිය 09 වැනිදා සිදුවිය.
ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ මෙම වෙරළ උද්‍යානය සඳහා වැය කළ මුදල රු.මිලියන 275කි. කිලෝ මීටර් දෙකකට ආසන්න වෙරළ තීරයේ ඉදි කර ඇති මෙම උද්‍යානය අවන්හලකින්, ළමා උද්‍යානයකින්, රංග පීඨයකින් ද සමන්විත ය.
විවෘත කිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.