දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානය නවීකරණය කිරීමෙන් පසු අප්‍රේල් 09දා විවෘත කිරීමට නියමිතය.
කිලෝ මීටර් දෙකකට ආසන්න වෙරළ තීරය ආකර්ෂණීය උද්‍යානයක් ලෙස නිර්මාණය කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
කාක දූපත වෙරළ උද්‍යානය, එළිමහන් රංග පීඨයකින්, අවන්හල් කිහිපයකින් මෙන්ම ළමා උද්‍යානයකින්ද සමන්විතය. කොළඹ නගරයේ සිට සුළු වේලාවකින් මෙම දූපත වෙත ළඟා විය හැකි වීම සංචාරක ආකර්ෂණය වැඩි වීමට හේතුවකි. ගාලු මුව දොර වෙරළ තීරයේ සිට මෙම දූපත වෙත ළඟාවීම සඳහා ඉදිරියේදී බෝට්ටු සේවයක්ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එහි සංචාරයක නිරත වෙමින් පැවසීය.