සාර්ක් වානිජ මණ්ඩලය හා ශ්රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන කලාපීය ආර්ථික ප්රවර්ධන සමුළුව පසුගිය 03 වැනිදා කලුතරදී ආරම්භ විය. %නව මානයන් ඔස්සේ කලාපීය ආර්ථික ප්රවර්ධනය^ මෙවර සමුළුවේ මාතෘකාව විය. මේ අවස්ථාව සඳහා මැති ඇමතිවරුන්, සාර්ක් කලාපීය සියලු රටවල වානිජ මණ්ඩල ප්රධානීන් සහ ප්රධාන පෙළේ ආයෝජකයන්, විදුවතුන් රැසක් සහභාගි වූ බව එහි සංවිධායකයෝ පවසති.
මෙම විශේෂ ආයෝජක සමුළුව හා සමගාමීව පසුගියදා ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙත සුබසාධන සේවා ලබාදීමටත් ශ්රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පියවර ගෙන ඇතැයිද වාර්තා සඳහන් කරයි.