එළැඹෙන වෙසක් සමයේ කලා වැවේ පහස පතා දහස් ගණන් පැමිණෙන වන්දනාකරුවන් විසින් රැගෙන එන පොලිතින් හා අපද්‍රව්‍ය වැව්බැම්ම මත අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා කලාවැවේ සුන්දරත්වය නැති වී යාමේ මෙන්ම රෝග බෝවීමේ අවධානමක් ඇති වී තිබේ.
මේ නිසා, පලාගල ප්‍රාදේශීය සභාව සහ පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් 2016 වෙසක් මස 17 වැනි දින රාජ්‍ය නිලධාරීන් 300 කගේ ශ්‍රම දායකත්වයෙන් කලා වැව් බැම්ම ශුද්ධ පවිත්‍ර කොට වන්දනාකරුවන් උදෙසා ප්‍රසන්න පරිසරයක් ඇති කිරීමේ ප්‍රජා සත්කාරයක් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කොට ඇත.
එමෙන්ම මෙසේ සුරකිනු ලැබු සුන්දරත්වය විනාශ කරන වන්දනාකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලාපොරොත්තු වන බවද දන්වා සිටියි.