කම්කරු හා වෘත්තීය සමීති සබඳතා අමාත්‍යාංශයේ අභිනව අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සිය ධුරයේ වැඩ බාරගැනීම අද (08දා) පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න, විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු කම්කරු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් හේරත් යාපා, අතිරේක ලේකම් එම්.සී.එල්. රොද්‍රිගෝ, කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්. ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.