ජාතික ඉදිකිරීම් සංගමය විසින් සංවිධානය කරනු ලබන CONSTRUCT EXHIBITION - 2016 ප්‍රදර්ශනය එළැඹෙන අගෝස්තු 26, 27 හා 28 යන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.
ඒ වෙනුවෙන් පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව ජුනි 01 වැනිදා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විනි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර එම හමුව සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ දිවයිනේ ප්රමුඛ පෙළේ ආයතන ප්‍රධානීන් ඇතුළු නියෝජිතයෝ එක්වූහ.