කඩොලාන පරිසර ආශ්රිත ප්‍රදේශ කළමනාකරණය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ජාතික ප්‍රතිපත්තියක් මගින් ක්‍රමවත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අට වැනි වරටත් පවත්වන ලද ද්වීවාර්ෂික ජාත්‍යන්තර ජල සමුළුවේ (Eighth Biennial International Waters Conference) සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි. ඒ අනුව, දින 5ක් පුරා පැවති සමුළුවේ සමාප්තිය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වා තිබුණි.
මෙම අවස්ථාවට සීෂෙල්ස් හා මාලදිවයින් පරිසර අමාත්‍යවරුන්ද, Global Environmental Facility හි ප්‍රධාන විධායක නිලධාරිනී නාකො ඉෂි මහත්මියද , මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා හා විදේශ නියෝජිතයන් 300 කට අධික පිරිසක්ද සහභාගී වූහ.