ලොව ප්රමුඛ පෙළේ ගුවන් සමාගමක් වන කටාර් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අක්බර් අල්බකර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරු හමුවූහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව අක්බාර් අල්බකර් මහතා දිවයිනට පැමිණ තිබුණු අතර, පසුගිය 05 වැනිදා සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්විණි.