ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ විශාලතම මුර සංචාරක නෞකාව වන ඕෂන් ෂීල්ඩ් නෞකාව අද (16දා) ත්‍රිකුණාමලය වරායට පැමිණියේය. ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන නිල සංචාරයක එක් අදියරක් ලෙස නෞකාව ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබේ.
ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායේ නෞකාවක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ප්‍රථම අස්ථාව මෙයයි. දෙරට අතර පවතින දිගුකාලීන සමීප සහයෝගීතාව සහ කලාපය පුරා මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සනිටුහන් කරමින් සංචාරය සිදුකෙරේ.
.jpg)