ශ්‍රී ලංකා නාවික හමුදාව හා මැරීන් බලඇණි සමග සතියක් පුරා පැවති හුවමාරු වැඩසටහන්වලින් පසුව යූ.එස්.එස්. කොම්ස්ටොක් නෞකාව අද (01දා) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මානුෂීය ආධාර, ව්‍යසන සහන කටයුතු හා ඒවා සම්බන්ධීකරණය ආදී කටයුතු මෙම අභ්‍යාසවලදී අවධානය යොමුකර තිබේ.
මෙය පසුගිය මාස 12ක කාලය තුළ එක්සත් ජනපද නාවිකයන් හා මැරීන් භටයන් විසින් ශ්‍රී ලාංකේය හමුදා සාමාජිකයන් සමග පැවැත්වූ තුන්වැනි හමුදා හුවමාරු වැඩසටහන බව සඳහන් වෙයි.