එක්සත් ජනපදයේ GSP සහනය දීර්ඝ නොකරයි
එක්සත් ජනපදයේ විශේෂ ප්රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) 2017 දෙසැම්බර් 31දායින් අවසන් වන බවත්, වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර එක්සත් ජනපද කොංග්‍රසය මෙම GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවත් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම GSP වැඩසටහන අවසන්වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018 ජනවාරි 01දා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීමය.
ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළෙඳ පොළ ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වන බවත්, ගෝලීය වාණිජ සිතියමට (Global Trade Atlas) අනුව 2016 වසරේදී එක්සත් ජනපදය ඇ.ඩො.බිලියන 2.8ක ශ්‍රී ලාංකේය භාණ්ඩ ආනයනය කර ඇති බවත් එම නිවේදනයෙන් කියයි.
මේ අතර, අදාළ සහනය දීර්ඝ නොකිරීමට හේතුවක් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දක්වා නොමැත.
කෙසේ වෙතත්, පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ජෙරුසලම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 128ක් විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, මෙම ඡන්ද විමසීමට පෙර ඇමෙරිකානු ජනපතිවරයා පවසා තිබුණේ මීට සහයෝගය ලබානොදෙන රටවලට සිදුකෙරෙන ඇමෙරිකානු ආධාර කපා හැරෙනු ඇති බවයි.
|
ශ්‍රී ලංකාවේ අපනයන සංඛ්‍යාලේඛන |
||
|
වෙළෙඳ භාණ්ඩ - සියලුම වෙළෙඳ භාණ්ඩවල මුළු ගණන |
||
|
වාර්ෂික ශ්‍රේණිය: 2015 - 2016 |
||
|
හවුල්කාර රට |
එක්සත් ජනපද ඩොලර් |
|
|
2015 |
2016 |
|
|
ලෝකය |
10,224,554,632.00 |
10,210,649,427.00 |
|
ඇමෙරිකා එක්සත් ජනපදය |
2,802,407,255.00 |
2,806,185,276.00 |
|
මහා බ්‍රිතාන්‍ය |
1,030,719,243.00 |
1,043,757,803.00 |
|
ඉන්දියාව |
644,664,266.00 |
550,531,597.00 |
|
ජර්මනිය |
474,684,369.00 |
505,490,626.00 |
|
ඉතාලිය |
433,896,689.00 |
427,841,626.00 |
|
බෙල්ජියම |
282,389,955.00 |
337,671,197.00 |
|
එක්සත් අරාබි එමීර් |
274,257,515.00 |
274,964,963.00 |
|
නෙදර්ලන්තය |
219,972,788.00 |
207,638,703.00 |
|
ජපානය |
214,286,053.00 |
200,017,164.00 |
|
චීනය |
295,713,655.00 |
198,842,412.00 |
|
රුසියාව |
193,587,842.00 |
181,881,197.00 |
මූලාශ්‍රය: Global Trade Atlas
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

