එක්සත් ජනපදයේ දකුණු ආසියානු කාර්යාලයේ නියෝජ්‍ය සහකාර ලේකම් අටුල් කිශේප් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ අනුව, නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ඊයේ (20දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.
නියෝජ්‍ය සහකාර ලේකම්වරයා සිය තෙදින නිල සංචාරයේදී මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන්, දේශාපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.