එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිපික් කාර්යාංශයේ කලාපීය අධ්යක්ෂ හවුලියෑන්ග් සූ මහතා එක්සත් ජාතීන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ඇති ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මෙනෙවිය හමුවිය.
එම හමුව ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ඇති හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට ඇති පොදු වුවමනාවන් සොයා බැලීම සඳහා අවස්ථාවක් වූ බව පෙන්වා දෙයි.