එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඈෂ් මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කුටියේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15 වැනි ලෝක තරුණ සමුළුවට සහභාගිවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඈෂ් මහතා මෙරටට පැමිණ සිටින අතරතුර මෙම හමුව සිදුවිය.
එහිදී, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය මෙන්ම, නැවත පදිංචි කිරීමේ කටයුතුවලින් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව බැසිල් අමාත්‍යවරයා විසින් එක්සත් ජාතිනීන්ගේ මහ මණ්ඩල සභාපතිවරයාට කරුණු පැහැදිලි කරන ලදී.