උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ජයරත්න මහතා පසුගිය 25දා එක්විය.
කරදගොල්ල මූලික වැඩ මධ්‍යස්ථානයේදී ව්‍යාපෘතිය හඳුන්වාදීමේ මූලික සාකච්ඡාවක් ඉරානය හා අනිකුත් විදේශ ඉංජිනේරුවන් සමග පැවැත්විණි. එහිදී දැනට පවතින පාරිසරික හා අනිකුත් ගැටලු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කර තිබුණි. වැල්ලවාය කරදගොල්ල ප්‍රදේශයේ ඉදිවන භූගත ජල විදුලිබලාගාර දෙක සහ ජලය ගෙන ඒම සඳහා කැණීම් කරන උමං මාර්ගයද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා හා උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා ඇතුළු ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් පිරිසක්ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.