උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් මහවැලි සංවර්ධන හා පරිසරය නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදී, විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහගත තත්ත්වයන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් ඉඩම් හිමියන්ට වන්දි ගෙවීම, නවත පදිංචිය සඳහා ඉඩම් ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
කුඩා ඔය ජලාශයේ ගස් ඉවත් කිරීම, අලිකොටාර, කුඩා ඔය ජලාශ සඳහා ඉඩම් ලබාගැනීම, වැල්ලවායට ජලය සපයන ජල සැපයුම් නලය වැව් බැම්මේ ඉදිකිරීම නිසා අවහිර වීම, තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හා අලි කොටාර ජලාශය සඳහා මැටි ප්‍රවාහනයේදී මතු වන දුෂ්කරතා ආදිය ගැන වැඩි අවධානයක් යොමුව තිබේ.
මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාද සහභාගී විය.