උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් අක්කර 500ක රබර් වගා කිරීමට පියවර ගෙන ඇති බව පැවසෙයි.
මේ යටතේ මුලතිව් සහ වව්නියාව ප්‍රදේශවල නව වගා ආරම්භ කෙරෙන බව කියයි. ඒ අනුව, මේ වනවිටත් වව්නියාවේ ඉඩම් හෙක්ටයාර් 135ක අලුතින් රබර් වගාකර ඇති අතර, තවත් හෙක්ටයාර් 250ක මේ වසර තුළ අලුතින් රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්යක්ෂ රෝහණ හපුගහවත්ත මහතා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම දැනට පදියතලාව ප්‍රදේශයේ අක්කර 50ක අලුතින් රබර් පැළ වගාවක් ආරම්භ කිරීමටද පියවර ගෙන ඇති බවත්, දැනට දිවයින පුරා රබර් පැළ වගා 7ක් යටතේ රබර් වගාකරුවන්ට අවශ්‍ය පැළ බෙදාදීම සිදු කෙරෙන බවත් කියයි.