බිට්කොයින් එකක් ඇ.ඩො.20,000ක ඉහළම අගය වාර්තා කර දින කිහිපයකට පසුව බිට්කොයින් විනියම අනුපාත ඊයේ (22දා) වනවිට දැඩි පසුබෑමකට ලක්ව තිබුණි.
පසුගිය දෙසැම්බර් 17 වැනිදා වනවිට ක්රිප්ටොකරන්සි මුදල් ඒකකයක් ඉහළම අගය වාර්තා කර තිබුණේ, බිට්කොයින් එකකට ඇ.ඩො.19,660කට ආසන්න විනිමය අනුපාතයක් වාර්තා කරමිනි.
නමුත්, එම ඉහළ යෑම පසුගිය දින කිහිපය තුළ යළි දඩි පහළ බැසීමකට ලක්ව තිබුණේ, බිට්කොයින් ආයෝජකයන් තුළ දැඩි තිගැස්මක් ඇති කරමිනි.
ඊයේ දිනය වනවිට බිට්කොයින් එකක වටිනාකම එක් අවස්ථාවක ඇ.ඩො.12,000කට ආසන්න වූ අතර, දිනය අවසානයේ ගනුදෙනු අවසන් වනවිට පවා එහි ඒකක අගය ඇ.ඩො. 13,000කට ආසන් වී තිබුණි.