ඉන්දු - ලංකා යා කෙරෙන මාර්ගයක් ගැන කතාබහක්
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් මාර්ගයක් ඉදිකිරීම ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී මේ බව සාකච්ඡා වූ බව ඔහු පවසා තිබුණත්, අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොතිබුණි.
කෙසේ වෙතත්, යාපනය - මන්නාරම - ත්‍රිකුණාමලය මහාමාර්ගය සහ දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබාදෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි පැවසුවේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
2016 වසරේදී ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිතින් අමාත්‍යවරයා අදහස් පළ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ එවැනි සූදානමක් නොමැති බවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

