ඉ-ස්වාභිමානී 2014 සඳහා නාම යෝජනා කැඳවයි
ඉ-ස්වාභිමානී 2014 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්රදානය සදහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඉ-රාජ්‍ය හා ආයතනයන්, ඉ-අධ්‍යාපන හා ඉගෙනුම්, ඉ-සංස්කෘතිය හා උරුමයන් , ඉ-වානිජ්‍ය හා ව්‍යාපාර , ඉ-සෞඛ්‍ය හා පරිසරය, ඉ-විනෝදාංග හා ක්‍රීඩා, ඉ-විද්‍යා හා තාක්ෂණ, ඉ-අන්තර්ග්‍රහණය හා සහභාගිත්වය, ජංගම අන්තර්ගතයන් ( m - අන්තර්ගතයන්) යන ක්ෂේත්‍ර යටතේ යෙදවුම් හා අන්තර්ගතයන් ඉදිරිපත් කළ යුතුවේ.
මෙම සම්මාන ප්රදානය මෙවර පවත්වන්නේ පස් වන වරට වන බවත් නිර්මාණශීලී තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්රදානයේ අරමුණ බවත් නියෝජිතායතනය පවසයි.
මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණ කරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය සඳහන් කරයි.
නිර්මාණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම අගෝස්තු මස 25 වනදායින් අවසන් වන අතර, www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිවිස්තර දැනගත හැකිවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

