‘ඉ-රාජ්‍යයක්’ සඳහා අවශ්‍ය රාජ්‍යය අංශයේ මානව සම්පත සවිබල ගැන්වීමේ තවත් අදියරක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඉ-නායකත්ව සංවර්ධනය තේමා කරගනිමින් මෙය ක්‍රියාවට නංවා තිබෙන බව නියෝජිතායතනය පවසයි.
මේ යටතේ රාජ්‍ය ආයතනයන්හි කාණ්ඩ දෙකකට අයත් නිලධාරීන් සඳහා මෙම ඉ-නායකත්ව සංවර්ධන පුහුණුව ලබාදෙන බව නියෝජිතායතනය සඳහන් කරයි.
මේ අනුව රාජ්‍ය ආයතනයන් තුළ ඉ-රාජ්‍ය සංකල්පය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය පුහුණුව මෙම නිලධාරීන්ට මෙහිදී ලබාදෙනු ඇති බව ඔවුන් පවසයි.