ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පසුගියදා (11දා) සුදුසුකම් ඇති වීසා බලපත්‍ර අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ අත්හැරීමේ වැඩසටහන දියත් කළ බව නිවේදනය කරයි.
මෙම වැඩසටහන මගින් සුදුසුකම් ඇති අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ වීසා බලපත්‍ර නැවත අලුත් කිරීම සඳහා පෞද්ගලික සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිට එය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම වැඩසටහන යොදා ගත හැක්කේ මීට පෙර ඇමෙරිකානු එක්සත් ජනපදයට ගමන් කර ඇති සහ අප්‍රේල් 2008 න් පසු නිකුත් කර ඇති B1/B2 සංචාරක වීසා බලපත්‍ර අලුත් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් විසින් පමණි. මුල්වරට අයදුම් කරන අයට මෙම වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
ඇමෙරිකානු තානාපති කාර්යාල විසින් අයදුම්පත්‍ර භාරගනු ලබන්නේ මෙම කොන්සියූලර් දිස්ත්‍රික්කයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සහ මාලදිවයින ජාතිකයන්ගෙන් පමණි.
“මෙම වැඩසටහන මගින් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අනුකුලන කරන අතර ශ්‍රී ලාංකික සහ මාලදිවයින ජාතික වීසා බලපත්‍ර අයදුම්කරුවන් වෙත පාරිභෝගික සේවය වැඩිදියුණු කරනවා. මෙම වැඩසටහන මගින් ඇමෙරිකා එක්සත් ජනපදයට ගමන් කිරීම වඩා පහසු කරනවා* යනුවෙන් ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සඳහන් කරයි.
DS160 මාර්ග ගත අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම සහ සාමාන්‍ය පැසුරුම් ගාස්තු ගෙවීම් කළ පසුව සියලු වීසා බලපත්‍ර අයදුම්කරුවන් මෙම වැඩසටහන සඳහා සලකා බැලීමට නිරායසයෙන්ම භාජනය වේ. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීම සඳහා පෙර ගමන් ඉතිහාසය බලපානු ලැබේ. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් නොලබන අයදුම්කරුවන් වෙත සාමාන්‍ය වීසා පරීක්ෂණයක් සඳහා පරිගණක පද්ධතිය මගින් යොමු කිරීමක් සිදු කෙරෙයි.
හුදෙක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීම, වීසා බලපත්‍ර සඳහා සුදුසුකමක් ලෙස සැලකිය නොහැක. අනුමත කෙරුණු අයදුම්පත්රවලට අදාළ වීසා බලපත්‍ර, ලියකියවිලි මෙම තානාපති කාර්යාලයට බාරදී දින දෙකකින් අනතුරුව ලබාගත හැක. දැනට සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවන් ලබාගෙන තිබෙන අයදුම්කරුවන්ට මෙම වැඩසටහනට සුදුසුකම් නොලබයි.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා තානාපති වෙබ් අඩවිය වන srilanka.usembassy.gov වෙත පිවිසිය හැකිය.