ඇමති නවීන් අද Meet the Minister
මෙවර ජාතික වාණිජ මණ්ඩලයේ 'Meet the Minister’ වැඩසටහන තුළින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා හමුවීමේ අවස්ථාවක් ව්‍යාපාරික ප්‍රජාව වෙත උදාවෙයි. ඒ අනුව, අද (12දා) නො. 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්රණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වා මෙම අවස්ථාව පැවැත්වීමට නියමිතය.
වැවිලි කර්මාන්ත ක්ෂේත්රය හා අදාළ තොරතුරු අමාත්‍යවරයා හා අනෙකුත් නිළධාරීන් සමග සමීපව හුවමාරු කිරීමටත්, තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත්, ව්‍යාපාරික ප්‍රජාව සඳහා මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය හා ජාතික වැවිලි කළමණාකරන ආයතනය යන ආයතන පෙන්වා දෙයි.
මේ සඳහා ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය හෝ 011- 2689596 යන ෆැක්ස් අංකය හෝ [email protected], [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සම්බන්ධ විය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

