P&O මගී ප්‍රවාහන නෞකා සමාගමට අයත් ඇඩෝනියා (Adonia) මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මගී පර්යන්තය වෙත ප්‍රථම වතාවට ඊයේ (5දා) පැමිණි බව අධිකාරිය පවසයි.
ප්‍රංශ සමාගමක් විසින් නිෂ්පාදිත මෙම නෞකාව ටොන් 30,000ක් පමණ වන අතර, ප්‍රථම වරට 2011 වර්ෂයේදී නෞකා ගමනය සඳහා යොදවා ඇති බව කියැවෙයි.
මගීන් 664 දෙනෙකු රැගෙන පැමිණි මෙම නෞකාව සතුව සේවකයන් 379 දෙනෙකු සේවයේ යෙදී සිටියි. මෙම මගී නෞකාවේ පැමිණි පිරිස මහනුවර, පින්නවල හා කොළඹ නගරයේ සංචාරය කරන බවද පැවසෙයි.
මෙම නෞකාව කොළඹ වරාය වෙත සිය ප්‍රථම ගමන්වාරය සිදුකිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ෂිපින් ඒජන්සී සර්විස් සමාගම අතර ඵලක හුවමාරුවක්ද සිදු කෙරිණි.
මෙම නෞකාව එළැඹෙන අප්‍රේල් මාසයේදී ගාල්ල වරාය වෙත පැමිණීමටද නියමිතය.