කාර්මික තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආහාර සැකසීමේදී සහ පරිභෝජනයේදී ඇති වන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් මැයි මස 31 වැනිදා පෙ.ව. 9.00 සිට 4.00 දක්වා ආයතනීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආහාර අපද්‍රව්‍ය සම්බන්ධව ඇති ප්‍රධාන ගැටලු, ඒවාට විසඳුම්, ප්රතිචක්රීකරනය, නීතිරීති සහ GMP පිළිබඳ ආහාර හා සම්බන්ධ කර්මාන්තයන් හි නිරත වන්නන් දැනුවත් කිරීමය.
මෙම වැඩමුළුවේදී ක්ෂේත්‍ර‘යේ පර්යේෂණ හා ප්‍රවර්ධන කටයුතුවල නියුතු ප්‍රවීණයන් විසින් දේශන පවත්වනු ලබන අතර, ඔවුන් සමග මීට අදාළ ගැටලු සාකච්ඡා කිරිමටද අවස්ථාව ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා 011-2379859/011-2379817 අංකය ඇමතීමෙන් හෝ [email protected], [email protected] යන e-mail ලිපිනයන් ඔස්සේ ලබාගත හැකිය.