ආහාර ද්‍රව්‍ය 7 ස්ථාවර මිලට සුපිරි වෙළෙඳ සැල්වලින්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක් ස්ථාවර මිලට සුපිරි වෙළෙඳ සැල්වලින් ලබාගැනීමට මෙම උත්සව සමයේදී පහසුකම් සලසා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ලංකා සතොස අලෙවි සැල් 372ක් ඔස්සේ මෙම භාණ්ඩ ලබාගත හැකි අතර, මෙම මිලටම කාගිල්ස්, කීල්ස්, ආර්පිකෝ හා ලාෆ්ස් අලෙවි සැල්වලින්ද ඉහත භාණ්ඩ වර්ග ලබාගැනීමට හැකි බවත්, මෙම ඇතැම් වෙළෙඳ සැල්වල මෙම මිල ගණන්වලට වඩා අඩුවෙන්ද, මෙම භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ජීවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර වර්ග 7ක ස්ථාවරව පැවතිය යුතු මිල මෙසේ දක්වා තිබේ.
සම්බා කිලෝ 1 රු. 71.00
නාඩු කිලෝ 1 රු. 74.00
ලොකු ළූණු කිලෝ 1 රු. 135.00
සීනි කිලෝ 1 රු. 100.00
අල කිලෝ 1 රු. 139.00
සැමන් ග්‍රෑම් 425 රු. 127.00
පරිප්පු කිලෝ 1 රු. 124.00
හාල්මැස්සො කිලෝ 1 රු. 515.00
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
