දකුණු ආසියාවේ පළමු වැනි හරිත සරසවි නගරය වන NSBM හරිත සරසවි නගරයේ වැඩ මෙම වසරේදී අවසන් වීමට නියමිත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ නව මංපෙත් විවිර කරමින් ආරම්භ කරන ලද NSBM හරිත සරසවි නගරයේ ඉදිකිරීම් අධීක්ෂණය කිරීමට සංවිධානය කරන ලද චාරිකාවකට එක්වෙමිනි.
මේ සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ සහ එම නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරු එක්වූහ. දකුණු ආසියාවේ පළමු හරිත විශ්වවිද්‍යාලය නගරය වන මෙය රු.බිලියන 10.2 ක දැවැන්ත ආයෝජනයක් වන අතර, මෙහි ඉදිකිරීම් මෙම වසර අග වනවිට අවසන් වීමට නියමිතය.