'ආසියාවේ අනාගතය' පිළිබඳ 22 වැනි ජාත්‍යන්තර සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවැත්විණි.
ජපාන රජය හා නිකී (NIKKE) මාධ්‍ය පදනම හා එක්ව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා විශේෂ කාරයභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී විය.
මෙහිදී විශේෂ දේශනයක්ද පැවැත්වූ අමාත්‍යවරයා, යටිතල පහසුකම් සංවර්ධනය සහ අරමුදල් පිළිබඳව ඇති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
මෙම අවස්ථාවට ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි, ආසියානු පදනමේ හිටපු ලේකම් ජනරාල් සුරින් පිට්සුවන්, ජැපෑන් බෑන්ක් ෆෝ ඉන්ටර්නැෂනල් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී හා ආණ්ඩුකාර හිරොෂි වට්නබේ, පී.පී.පී. ඇන්ඩ් ඉන්ෆ්රාස්ට්රක්චර් හි කොටස්කාර හා ප්‍රධානී යුමිකො නොදා, නිකී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සංස්කරණ කළමනාකාර අකියෝ ෆුජි යන මහත්ම මහත්මීන් සහභාගී